ISIS ඉස්ලාමීය අන්තවාදීන් දරුණු මර්දනයකට ලක්කිරීම සඳහා ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය සමග එක්වන ලෙස බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩි කැමරන් නේටෝ රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.
අදින් (04දා) ඇරඹී දින දෙකක් පුරා වේල්සයේදී පැවැත්වෙන නේටෝ සමුළුව වෙනුවෙන් නේටෝ රාජ්‍ය නායකයන් පැමිණ සිටි අතර, එහිදී, බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඇමෙරිකානු මාධ්‍යවේදීන් දෙදෙනාගේ බෙලි කැපීමට ක්‍රියාකළ බ්‍රිතාන්‍ය ජාතික ජිහාඩ් අන්තවාදියා සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.
ජිහාඩි ජෝන් යන අන්වර්ත නාමයෙන් හැඳින්වෙන එම ත්රස්තවාදියා, බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයා ඔවුන්ගේ මීළඟ බිල්ල බවට තර්ජනයක්ද කර තිබුණි.
ඒ අනුව, බ්‍රිතාන්‍ය බුද්ධි අංශ මේ වනවිටත් පැහැරගත්තවුන් පිළිබඳ අවධානයෙන් සිටින බවට ඉඟි පළ කළ කැමරන් අගමැතිවරයා, ජිහාඩ් අන්තවාදීන් වෙත කප්පම් ගෙවීමක් කිසිදු අවස්ථාවක සිදු නොකරන බවද අවධාරණය කළේය.