විරෝධතාවක් පැවැත්වූ උසස් ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්වෙත පොලීසිය කළ පහරදීම වැරැදි බවත් ඒ හරහා ඔවුන්ගේ මූලික අයිතිවාසියකම් කඩවී ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව කියයි.
උසස් ගණකාධිකරණ සිසුන්ට කළ පහරදීමට විරෝධය දක්විම්න් සිසුන් මෙන්ම ජාතික බලය සංවිධානය හා ළහිරු වීරසේකර යන අය විසින් මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.පොලිස්පති, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ඇතුළු 12 දෙනෙක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණ.
කොමිසන් සභාව පවසන්නේ පහරදීමට ලක්වී තුවාල ලබා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වන්දි ගෙවිය යුතු බවයි. ඒ අනුව රෝහල් ගතව සිටි ශෂිනි සංදීපනී කුමාරසිංහ ශිෂ්‍යාවට රු. 25, 000/ වන්දි මුදලක් ලබාදීමටත් පහරදීමට ලක්වී තුවාල ලැබ රෝහල් ගතව ප්‍රතිකාර ගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් 08 දෙනාට ( නුවන් ප්‍රදීප් කුමාර, අයේෂ් රත්නසූරිය, සුපුන් ඉෂාන්, ෆාතිමා හනීනා හුසේන්, සදුනි චන්ද්‍රසිරි, බුද්ධි උක්වත්ත, නිලූකා නයනා, ජීවා රූපසිංහ ) රු. 15, 000 බැගින් වන්දි ගෙවන ලෙසයි.
එසේම පහරදුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කළ යුතු බවත් එම වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.