HCFC රසායනික ද්‍රව්‍ය අඩංගු නිශ්පාදන සඳහා තහනමක්
- 19 07 2017
- 15:30
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් (Hydrochlorofluorocarbons-HCFC) රසායනික ද්‍රව්‍ය යොදා ගනු ලබන ශීතකරණ හා වායුසමන අලුත්වැඩියා හා නඩත්තු සේවා ක්ෂේත්රය කෙරෙහි ඇතිවිය හැකි අහිතකර බලපෑම පාලනය කරමින්, හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් රසායනිකය ආනයනය සීමා කිරීම සඳහා කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබේ.
ඕසෝන් ස්තරය සුරැකීම සඳහා වූ වියානා සම්මුතියේ සහ මොන්ට්‍රියල් සන්ධානයේ එකඟතාවන්ට හා බැඳීම්වලට අනුකූලව හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් නැමැති ඕසෝන් වියනට හානි කර රසායනික ද්‍රව්‍යය භාවිතය අවම කිරීමටත්, ඒ වෙනුවට ඕසෝන් හිතකාමී විකල්ප හඳුන්වා දීමටත් අදාළව ගනු ලබන ක්‍රියාමාර්ග ලෙස මෙම විසඳුම් ඉදිරිපත් කර තිබේ.
01 ශීතකරණ, අධිශීතකරණ, වායු සමන යන්ත්‍ර හා තාප පොම්ප ඒකක, ජල සිසිලන, අයිස් නිෂ්පාදන යන්ත්‍ර, වාහන අධිශීතකරණ හෝ බහාලුම් ඇතුළු මොන්ට්රිටල් සම්මුතියේ සඳහන් ඕසෝන් ප්‍රහීනකාරක සහිත උපකරණ කාණ්ඩයට අයත් භාවිත කළ (Used) හෝ අලුත්වැඩියා කළ (Reconditioned) උපකරණ ආනයනය වහාම ක්‍රියාත්මකවන පරිදි තහනම් කිරීම.
02 ගෝලීය උණුසුම් විභවය (Global Warming Potontial) 100 අගය සහ ඕසෝන් ප්‍රහීනකාරී විභවය (Ozone Depleting Potential) 0.03 ඉක්මවන හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් රසායනික භාවිත කරමින් නිපදවනු ලබන උපකරණ හෝ උපාංග ශ්‍රී ලංකාවට ආනයනය, ශ්‍රී ලංකාව තුළ නිපදවීම හා එකලස් කිරීම 2018-01-01දින සිට තහනම් කිරීම.
03 ගෝලීය උණුසුම් විභවය (Global Warming Potential) 100 අගය සහ ඕසෝන් ප්‍රහීනකාරී විභවය (Ozone Deplenting POtential) 0.03 නොඉක්මවන හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් රසායනික භාවිත කරමින් නිපදවනු ලබන උපකරණ හෝ උපාංග ශ්‍රී ලංකාවට ආනයනය, ශ්‍රී ලංකාව තුළ නිපදවීම හා එකලස් කිරීම 2021-01-01 දින සිට තහනම් කිරීම.
04 ශීතකරණ හා වායු සමීකරණ උපකරණ සේවා හා නඩත්තු කටයුතු සිදුකරනු ලබන කාර්මික ආයතන සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේදී, ශීතකාරක එකතු කිරීමේ හා නැවත ප්රතිචක්රීයකරණය කරගැනීමේ උපකරණයක් (Refrigerant Recovery and Recycling Machine) තිබීම අනිවාර්ය බවට වූ කොන්දේසියක් 2019-01-01 දින සිට බලපැවැත්වෙන පරිදි ඇතුළත් කිරීම.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

