GSP+ සහනය ලැබීමත් සමඟ ශ්‍රී ලංකාවේ දැනට පවතින මිත්‍රශීලී ආයෝජන පරිසරය ප්‍රයෝජනයට ගනිමින් නව වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීමට සියලු උත්සාහයන් දරන බවට බෙල්ජියම් රජය සහ යුරෝපා වෙළෙඳ සමාගම් ප්‍රධානීහු සහතික වී තිබේ.
බෙල්ජියම් රජයේ නියෝජිතයින් සහ යුරෝපා වෙළෙඳ සමාගම් නියෝජිතයින් අතර බ්‍රසල්ස් හි පැවැති සාකච්ඡාවේදී මෙම සහතිකය ලබාදුන් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියි.