යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට අහිමි කළ ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට යුරෝපා වෙළඳ හා විදේශ අමාත්‍යවරුන්ගේ කමිටුවේ අනුමැතිය ලැබී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාගැනීමට අදාළ ක්‍රියාවලියේ අවසන් කඩඉම ලෙස මෙය හැඳින්විය හැකි බවයි.