යුරෝපා සංගමය විසින් ශ්රී ලංකාවට අහිමි කළ GSP ප්ලස් සහනය ලබන සතියේ සිට ශ්රී ලංකාවට හිමිවන බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය. මහනුවරදී අද (06දා) පැවැත් උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.
GSP ප්ලස් සහනය ලැබීම පිළිබඳව තමන්ව දැනුවත් බවත් ඒ හරහා ශ්රී ලංකාවේ අපනයන වර්ධනය වෙනු ඇති බවත් කර්මාන්ත ක්ෂේත්රයේ පිබිදීමක්ද ඇති වෙන බව ජනපතිවරයා සඳහන් කළේය.