යුරෝපා සංගමය විසින් ශ්රී ලංකාව GSP ප්ලස් තීරුබදු සහනය ඉවත් කළද එයින් රටට පාඩුවක් නොවුණ බව හිටපු ජනපති මහින්ද රාජපකෂ මහතා පැවැසීය. වැලිකඩදී ඊයේ (11දා) ඔහු මේ බව සඳහන් කළේය.
මානව හිමිකම් ගැටලු සඳහා විසඳුම් ලබාදීමට ශ්රී ලංකා රජය කටයුතු නොකළ බව චෝදනා කරමින් හිටපු ජනපතිවරයාගේ පාලන කාලය තුළදී එනම් 2010දී ශ්රී ලංකාවට GSP සහනය අහිමි කරනු ලැබීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ හටපු ජනපතිවරයා, "ඒක හොඳයි (GSP ප්ලස් ලැබීම) ගැටලුවක් නෑ. රටට සෙතක් වෙනවා කියලා හිතෙනවානම් හොඳයි" යැයි ඔහු පැවැසීය.