ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තනතුරු 07ක් පුරප්පාඩු වී තිබියදී පුරප්පාඩු 06ක් සම්පූර්ණ කිරීමට නීති විරෝධී ආකාරයට නිලවරණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
නිලවරණය පැවැත්වීමට පෙර නිලවරණයට අදාළ රෙගුලාසි ගැසට් කළ යුතු බවත්, එහෙත් රෙගුලාසි ගැසට් කිරීමටවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කර නොමැති බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
වෛද්‍ය උපාධිධාරීන් නියෝජනය කරන තනතුරු 05ක් හා සහකාර වෛද්‍ය නිලධාරීන් නියෝජනය කරන තනතුරු එකක් දන්ත වෛද්‍ය නිලධාරීන් නියෝජනය කරන තනතුරු එකක් පුරප්පාඩු වී තිබෙන බවත් එහෙත් නිලවරණය පැවැත්වීමේදී වෛද්‍ය උපාධිධාරීන් වෙනුවෙන් නිලවරණය පවත්වන්නේ තනතුරු හතරක් වෙනුවෙන් පමණක් බවද පවසා සිටියේය.
මේ හරහා බරපතළ වංචාවක් සිදුවෙමින් තිබෙන බවද ඔහු පවසා සිටියේය.