රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණ බැවින් හෙට (25දා) උදේ 8.00 සිට පැය 24ක වැඩවර්ජනයක් සිදුකරන බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
අද (24දා) දිනය තුළ ඉටුකිරීම සඳහා රජයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බවත්, එහෙත් ඒ සඳහා නිසි ප්‍රතිචාර නොලැබුණු බවද හෙතෙම පවසා සිටියේය.
මේ හේතුවෙන් ළමා, කාන්තා, පිළිකා රෝහල්වල හැර අනෙකුත් රෝහල් තුළ මෙම වැඩවර්ජනය සිදුවන බවත්, මීට අමතරව ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා හදිසි සේවා පවත්වා ගෙන යෑම සිදුවන බවද සහකාර ලේකම්වරයා පැවසීය.