නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලයට දුම්කොළ සමාගම් සමග සම්බන්ධ පුද්ගලයෙකු ඇතුළත් කර තිබීම හේතුවෙන් රජය සමග පවත්වන වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම ප්‍රමිතිගත කර ගැනීමේ සාකච්ඡාවලින් ඉවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මේ නිසා වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳව තවදුරටත් සාකච්චා කර ප්‍රතිඵල නොමැති බවට සංගමයේ විධායක සභාව තීරණය කර තිබීම නිසාවෙන් මෙම තීරණය ගත් බවද හෙතෙම කියා සිටියේය.