සයිටම් ආයතනය අහෝසි කර වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කරන ලෙසට අමාත්‍යවරුන්ට නියෝග කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අද (06දා) ලිඛිතව ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රජයේ නව යෝජනා මාලාව තුළ මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට සයිටම් ආයතනය අහෝසිකරන බවට ප්‍රකාශ කර තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මීට අමතරව වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කරන බවටද රජය පවසා ඇතැයිද ඔහු පවසා සිටියේය.
එසේ තිබියදී අවම ප්‍රමිතිය ගැසට් කිරීම ප්රමාදකරමින් තිබෙන බවත්, රජයේ ස්ථාවරය කුමක් වුවද සයිටම් අහෝසි නොකරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.