නව රාජ්‍ය උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මුණගැසී අධ්‍යාපන ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.
ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට ආචාර්යවරුන්ගේ සංගමයේ විධායක සභාව මේ සතියේ සිකුරාදා (16දා) දින රැස්වන බවත්, එහිදී ගනු ලබන තීරණ මත උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජීව විජේසිංහ මහතා මුණගැසී කරුණු ඉදිරිපත් කරන බවත්, එම සංගමයේ සභාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතා ප්‍රකාශ කළේය.