ශ්‍රී ලංකාවෙ තුළ මුහුණුපොතට පිවිසීම අවහිර කිරීම හා වට්ස් ඇප් හා වයිබර් සේවාවාන් වෙත පිවිසීම අවහිර කිරීමට කටයුතු කිරීම පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ජනපති ලේකම්/ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා හා ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන්ට එරෙහිව එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.