ETI හා ස්වර්ණමහල් අර්බුදය ගැන පාර්ලිමේන්තුවේ එක්දින විවාදයක්
ඊ. ටී. අයි. මූල්‍ය සමාගමේ හා ස්වර්ණමහල් මූල්‍ය සේවා සමාගමේ තැන්පතුකරුවන් මුහුණදී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධව පාර්ලිමේන්තුවේ එක්දින විවාදයක් පවත්වන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මෙම ගැටලුව සම්බන්ධව සභාවේ අවධානය යොමු කළ අවස්ථාවේදී කිරිඇල්ල මහතා මේ බව පවසා සිටියේය.
තැන්පතුකරුවන් 36,000ක් විසින් රුපියල් කෝටි 3,600ක් මෙම ආයතන දෙකෙහි මුදල් තැන්පත් කර තිබෙන බවත්, මාස 06ක් තිස්සේ ඔවුන්ට මුදල් ලබාගැනීමට නොහැකිව තිබෙන බවත් අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේ ජුනි 05 දිනය වනවිට තැන්පතුවලින් 10%ක් රුපියල් ලක්ෂ 06ක උපරිමයකට යටත්ව තැන්පතුකරුවන්ට ගෙවන ලෙසට අදාළ සමාගම් දෙකට නියෝග කර තිබෙන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

