80 දශකයේ අගභාග ෙය් අැරඹි භීෂණ සමයේදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු පැහැරගෙන ගොස් මරා ටයර් සෑයක දමා පිළිස්සීමේ චෝදනාවට වරදකරු වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පානදුර මහාධිකරණ විනිසුරු මොහොමඩ් රෂීන් මහතා වසර 08 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
මීට වසර 24කට පෙර ඉංගිරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස හා එහි සැරයන්වරුන් ලෙස කටයුතු කරමින් සිටියදී විත්තිකරුවන් මෙම අපරාධය සිදුකර ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ඔවුන්ට මෙලෙස බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
සිරදඬුවමට අමතරව රුපියල් 25,000/- බැගින් දඩ මුදලක් නියම කළ විනිසුරුවරයා දඩ මුදල් නොගෙවුවහොත් අමතර සිර දඬුවමක්ද ඔවුන්ට පැනවීය.
චෝදනාවලට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ 1991 වසරේදී ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මෙන්ම වර්තමානයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන පොලිස් අධිකාරී රොෂාන් සිල්වා, 1991 වසරේදී පොලිස් සැරයන්වරුන් ලෙස කටයුතු කළ මුදියන්සේලාගේ ජයසේන සහ එන්.කේ. නිශාන්ත නැමැත්තන්ටය.
පොලීසිය පැහැරගෙන ගිය එවකට 16 හැවිරිදි වියේ පසු වූ පාසල් සිසුවෙකු වන සිය පුතු සොයමින් දරුවන්ගේ දෙමාපියන් ප්ර‘දේශය පුරා ඇති පොලිස් ස්ථානවලට ගිය බවත්, ඒ අතරතුර ඉංගිරිය ප්ර‘දේශයේ මහ පාරක මිනිසෙකු පිළිස්සෙන බවට ලද තොරතුරකට අනුව දෙමාපියන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කළ බවත් නඩු විභාගයේදී හෙළි විය.
ටයර් සෑයක දමා පුළුස්සා තිබූ එම මිනිය පරීක්ෂා කිරීමේදී එහි කකුල් ප්ර‘දේශය පිළිස්සී නොතිබූ බවත්, එවැනි තැනක තිබූ තුවාල කැළලකින් සිය පුතු හඳුනාගැනීමට හැකි වූ බවත් සිසුවාගේ මව අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියාය.
ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් එලෙස දඬුවම් නියම කළේය.
එම්.පී. ඉන්දික මනෝජ් කුරේ/ බුද්ධිමාල් රුබේරු