හිටපු අමාත්‍ය සනත් ජයසුරිය මහතාගේ මැණියන් වන බි්රඩා ජයසුරිය මහත්මිය එක්සත් ජාතික පක්ෂයට සමිබන්ධ වන බව ඊයේ (25දා) මාතර මාලිබඩ ප්‍රදේශයේ පැවති උත්සවයකදි පැවසිය.
අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ඉල්ලිමක් අනුව තමන් එක්සත් ජාතික පක්ෂයට එක්වන බව ඇය පැවැසුවාය.
“මම අද එක්සත් ජාතික පක්ෂික වෙලා ආවේ නැහැ, අපේ පරම්පරාවම යු. ඇන්. පී. මගේ පුතාගේ ඉල්ලිමට තමයි මහ මැතිවරණයේ දේශපාලනය කළේ. ඊට පස්සේ කොයි මොහාතකවත් ඉදිරිපත් වුණේ නැහැ, ජන්දය දුන්නෙත් නැහැ. ඒ මොකද පිටුපාන්න බැනේ. මම ඉපදුනේ එජාප පාක්ෂික අම්මා කෙනෙක්ගෙ බඩින්. ඉතින් මැරෙනකල්ම එජාපයට සහයෝගය දෙමින් වැඩකරනවා. අපි දේශපාලනය කරනවා කියලා ගෙදර ඉදලා වැඩක් නැහැ. දේශපාලනය කියනකොට මගේ ඇග නලියනවා, ඒකයි මම යු. එම්.පියට නැවත එකතු වුනේ “ යැයි පැවසිය.