ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයන් විසින් සමරනු ලබන තෛපොංගල් උත්සවය අදට (15දා) යෙදී තිබේ. නව වසරක් සඳහා සූර්යයා භ්‍රමණය වීම ආරම්භ වන්නේ තෛපොංගල් දිනයේදී බව හින්දු භක්තිකයන්ගේ මතයයි. ඔවුහු තම පළමු අස්වැන්න සූර්යයාට පූජා කිරීම තෛපොංගල් යනුවෙන් හඳුන්වති.
පොංගල් සමරන ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන්ට සෞභාග්‍යවත් නව වසරකට 'අද' සුබපැතුම්.