ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට හිමිවිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඔහුට ලබාදෙන්නැයි ඉල්ලා ඔහුගේ පෞද්ගලික ලේකම් සේනක හරිප්රිය ආනල්ඩ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
ෆොන්සේකා මහතාට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඔහුට ලබා නොදීමෙන් ඔහුගේ මානව හිමිකම් කඩකොට ඇතැයිද, ඒ වෙනුවෙන් රුපියල් කෝටි 10 ක වන්දියක් ගෙවීමට නියම කරන්නැයිද සේනක සිල්වා මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ඉල්ලීමක් කර ඇත.
ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම්වරයා මෙන්ම ඔහුගේ සමීපතම හිතවතෙකු වන සේනක සිල්වා මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරු නම්කර ඇත.