හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ක්ෂේත්රයේ ඉහළ තනතුරක් ලැබීමට ඉඩ ඇති බවත්, ඒ පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බවත් 'අද' ට වාර්තාවේ.
ඒ සම්බන්යෙන් ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි තීරණයක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ගත් පසුව ජනාධිපති ලේකම්වරයා හරහා තමාට දැන්විය යුතු වුවද මේ දක්වා එවැන්නක් ගැන දැනගන්නට නොලැබුණු බවය.
කෙසේ වුවද අද (16දා) රැස්වන ආරක්ෂක කවුන්සිලයේදී මේ පිළිබඳ යම් එකඟතාවකට පැමිණීමට ඉඩ ඇතැයිද බස්නායක මහතා පවසා සිටියේය.
සරත් ෆොන්සේකා මහතාට ජනරාල් ධුරයක් පිරිනමා තිබුණු බැවින් අනිවාර්යයෙන්ම ආරක්ෂක අංශයේ තනතුරක් ලබාදීම සිදුවන බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා, ෆොන්සේකා මහතාට විවිධ තනතුරු පිරිනමා ඇතැයි කටකතා පැතිර යන්නේ ඉහළ අංශවල සිදුකෙරෙන සාකච්ඡා පදනම් කරගෙන බව ප්රකාශ කළේය.