දේශපාලන පක්ෂ වල අර්බුද තිබුණත්, පසුගිය මැතිවරණයේදි මෙන් ෆේස්බුක් ප්‍රෝඩාවට යට නොවී ඡන්ද භාවිත කරන්නැයි හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා පැවැසීය. අද (16දා) බදුල්ල පක්ෂී කාර්යාලයේ පැවැති නිදහස් පක්ෂඅ තරුණ හමුව අමතමින් ඔහු එම අදහස් දැක්වීය.
"ජනවාරි 8 වැනිදා පරාජයෙන් පරාජයට පත් වුණේ මහින්ද රාජපක්ෂු මැතිතුමා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂිය පමණක් නෙවෙයි. මේ රටේ ජනතාවත් පරාජයට පත් වුණා. එදා සමහර අය හංසයාට ගැහැව්වා පොඩි වෙනසකට කියලා. දැන් වෙනසේ තරම තේරේනවා. අපි මේ වෙනස අනිත් පැත්තට හරවන්න තවත් වෙනසක් කරන්නට ඕනි.
දේශපාලන පක්ෂවල ප්‍රශ්න හා අරබුද තියෙනවා. දේශපාලන පක්ෂ හොඳට තිබුණත් මනාප ගහන්න ගියාම ප්‍රශ්න හා අර්බුද තියෙනව. බොරු ප්‍රෝඩාවලට රැවටෙන්න එපා. ෆේස්බුක් ප්‍රෝඩාවට රැවටෙන්නත් එපා. ගියසැරේ රැවටුණා. මේ සැරේ එහෙම රැවටෙන්නේ නැතිව තමුන්නාන්සේලාගේ පෙලගැසෙන්න"