“ෆෙඩරල් ක්රමය කියන්නේ රට බෙදන ක්රමයක්. ඉතින් ඒක ආවාම මේ රටත් නිකම්ම දෙකට බෙදේවි” යැයි කුරුණෑගල දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හලාවත ලංගම බස් නැවතුම්පොළ භුමියේ දී පැවැති මැතිවරණ ප්රචාරක රැස්විමක දී සදහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා, "අද සංවර්ධනය ඇණහිටලා. රක්ෂා ලක්ෂ 15 ක් නැතිවෙලා. අපි බලයට පත් වී සතියක් ඇතුළත නැති වූ රක්ෂා සියල්ල ලබා දෙනවා. මෙම රැස්වීමට සෙනග ගේන්න බස් දැම්මේ නැහැ. ප්රයිවට් බස්වත් අපට දෙන්නේ නැහැනේ”
සුපුන් හංසන/ චන්දන ප්රනාන්දු