බැඳුම්කර සිද්ධිය පිළිබඳ සියලු දේ හෙළිව තිබියදීත් ෆුට්නෝට් කල්ලියේ ඇතැම් පිරිස් තවමත් රිලා නැටුම් නටමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
ෆුට්නෝට් කල්ලියේ සමහර පිරිස්වලට බැඳුම්කර වාර්තාව කියවා ගැනීමටවත් නොහැකි වී තිබෙන බවද එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
සියලුම දේ හෙළිව තිබෙන නිසා අධිකරණ කටයුතුවලට සියලුම දෙනා සහයෝගය ලබාදිය යුතු බවද ඔහු පවසා සිටියේය.