පළාත් පාලන සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් පත්‍රය තවමත් රජයේ මුද්‍රණාලයාධිපතිට යොමුකර නොමැති බව කැෆේ සංවිධානය පවසයි.ඊයේ (නොවැ. 1 දින) පෙ.ව. 11.30ට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා එම ගැසට් නිවේදනයට අත්සන් කළේය.
එම ගැසට් පත්‍රය අද (02දා) පෙ.ව. 10.30 දක්වාම රජයේ මුද්‍රණාලයාධිපතිවරයා වෙත යොමු කර නැතැයිද ඔවුන් පවසයි.අමාත්‍යවරයා සඳහන් කළේ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා ඊයේ දිනයේදීම රජයේ මුද්‍රණාලය වෙත යොමුකර බවයි.
මැතිවරණ කොමිෂන් සභාවද පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා දිනය ප්‍රකාශයට පත් කර තිබේ.පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විදේශගතව සිටී. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සදහා රජයේ මුද්‍රණාලයාධිපතිවරයා විසින් ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම අවශ්‍යය.