ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු රහස් මෙන්ම සියලු සැලසුම් ගැන නොදන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු මාවන් අතපත්තු පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ අයර්ලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර අද (02දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් තමන් පිළිබඳව විස්වාසය තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර ලබාදීම පිළිබඳව සතුටුවන බවත් මාවන් මෙහිදී වැඩිදුරටත් පැවැසීය.
“මම ජාතික කණ්ඩායමක් පුහුණුකරන්න ඇවිල්ලා තවම අවුරුදු තුනයි. අවුරුදු පහක පුහුණුකරු අත්දැකීමක් තමයි මට තිබෙන්නෙ. මට තිබෙන අත්දැකීම්, මට තිබෙන විශ්වාසය මත ඒ දේ පුළුවන් කියලා හිතපු නිසා මමත් ප්‍රධාන පුහුණුකරු තනතුරටඉල්ලුම් කළා. නමුත් වෙනත් පුහුණුකරුවෙකුට ඒ රස්සාව භාරදුන්නා. හැබැයි නැවත මා ගැන විස්වාසය තබලා මට අවස්ථාව ලබාදීම ගැන සතුටුවෙනවා.
"පුහුණුකරුවෙකුගේ දක්ෂතා, අදක්ෂතා කෙටි කාලයකදී බලල තීරණය කරන්න බැහැ. පොල් ෆාබ්‍රේස් නැවත එංගලන්තයට ගියා කියලා ඔහු අපේ සැලසුම්, අපේ සියලු රහස් දැනගත්තා කියලා හිතන්නෙ නැහැ. පිටිය මැදදි පෙන්වන දක්ෂතායි වැදගත්වෙන්නෙ. 2015 ලෝක කුසලාන තරගාවලියට අපි පුහුණුවීම් කරන්න පටන්ගන්න පළමු තරගාවලියමෙම තරගාවලියයි.”
ඡායාරූප ඉසුරු පෙරේරා