ඡන්දය කල් යන ආකාරයට ගැසට් නිවේදනයක් නිකුත් කළ විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තනතුරින් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට තිබූ සියලුම බාධා ඉවත් කර තිබියදී ඡන්දය කල්දැමිය හැකි ආකාරයට විෂය භාර අමාත්‍යවරයා ගැසට් නිවේදයක් නිකුත් කර තිබෙන බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (23දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ නිසා අමාත්‍යවරයා තනතුරින් වහාම ඉවත් කළයුතු බවත්, එසේ නොමැති වුවහොත් විශ්වාසභංගයක් ගෙනැවිත් ඔහු තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පවසා සිටියේය.