පළාත් සභා හා පළාත් පාලන අමත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය කයටතු කර ඇත. ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සිය විශ්වාස භංගය කතානායක කරු ජයසූරිය මහතා වෙත එම විශ්වාස භංගය අද (23දා) බාරදුන්නේය.
හිතාමතා ජනතාවගේ සර්වජන ඡන්ද බලය අහිමි කිරීමට විරෝධය පළකරමින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (23) පැවසීය.
පළාත් පාලන ආයතනවල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් මෑතකදී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ ඇති දෝෂ සම්බන්ධව ෆයිසර් මුස්තාපා මහතා වගකිව යුතු බවත්,මේ ආකාරයට ගියහොත් ඉදිරි ජනාධිපතිවරණය හෝ මහ මැතිවරනය නියමිත කාලයට පවත්වාවි දැයි සැකයක් ඇතිවන බවත් ඒ මහතා කීවේය.