ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 33.55ක් හෙවත් මිලියන 7ක් ළමුන් වන අතර ඉන් 1/5ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළාය. එමහේතුවෙන් මෙම ළමුන් කණ්ඩායම වෙත වැඩි අවධානයක් ලබා දී කටයුතු කර ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සිදු කළ යුතු බවත් එය තමන්ට තනිව කළ හැකි කාර්යයක් නොවන බැවින් රටේ වැඩිහිටි සියලුදෙනාගේම වගකීම ඒ සඳහා එකට අත්වැල් බැඳගෙන කටයුතු කිරීම බවත් අමාත්‍යවරිය පැවසුවාය.
2015 ලෝක ළමා දින ජාතික සැමරුම ඊයේ (01) යාපනයේ දී වීරසිංහ ශාලාවේ දී පැවැත්වු අතර එහිදී අමාත්‍යවරිය මේබව පැවසීය. ශ්‍රී ලංකාවේ අවුරුදු 15-19 වයස් සීමාවේ පසුවන ළමුන්ගෙන් ලක්ෂ දෙකක් පමණ ළමා කම්කරුන් බව පැවසූ අමාත්‍යවරිය දෙමාපියන් විසින් තමන්ගේ දරුවන් වෙත දැඩි අවධානයක් ලබා දිය යුතු බවත් ළමුන්ට අධ්‍යාපනය සහ පෝෂණය ලබා දීම දෙමාපියන්ගේ අනිවාර්ය වගකීම බවත් ඇය ප්‍රකාශ කළාය.