හෝමාගම පොලිස් වසමට අයත් පිටිපන ප්රදේශයේදී අද (18දා) ත්රිරෝද රථයක් අසල රැඳී සිටී පුද්ගලයෙකුට පස්වරු 12.30 පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි.
වෙඩි වැදිමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවට පොලීසිය සඳහන් කරයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවු. 34ක් වූ චමින්ද පෙරේරා නැමැති නො. 33/07 ගාමිණිපුර, මීගොඩ පදිංචිකරුවෙකි. මරණකරු අද දින හෝමාගම අධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිට නැවත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත. මේ පිළිබඳ හෝමාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.