හෝමාගම නගරයේ හයිලෙවල් පාරේ ප්ලාස්ටික් භාණ්ඩ වෙළද සැලක ඇති වූ ගින්නකින් මුළු වෙළඳ සැලම විනාශයට පත්විය. ගින්න අවට වෙළද සැල්වලට පැතිරෙන්ට නොදී පැය දෙකක පමණ කාලයකින් පසුව නිවා දැමීමට ගිනි නිවන ඒකක නමත්විය.
ගිනි නිවීමේ කටයුතු සඳහා පනාගොඩ යුද හමුදා කදවුරේ සහ හෝමාගම ප්රාදේශිය සභාවේ ද සහය ගිනි නිවන ඒකකය ලබා දී දුන්නේය. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරේ. ගින්නෙන් ජීවිත හානි සිදුවි නොමැත දේපළ හානි මෙතෙක් ගණන් බලා නොමැත. ඊයේ රාත්රියේ මෙම ගින්න ඇතිවිය.
තිලක් ඇල්විටිගල