ව්‍යාජ ලියකියවිලි භාවිතා කරමින් මැද පෙරදිග හරහා ඉතාලියට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් එම රටවලින් පිටුවහල් කොට ආපසු ශ්‍රී ලංකාවට එවනු ලැබ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අද (8දා) අලුයම අත් අඩංගුවට ගනු ලැබීය.
අත් අඩංගුවට ගනු ලැබුවන් අතර යාපනයේ පදිංචි 31 වියැති තරුණයෙකු, වව්නියාවේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු සහ 25 හැවිරිදි තරුණියකද වෙති.