හොරු සමග ආණ්ඩුව ගෙනයෑමට සූදානම් නෑ
හොරුන් සමග ආණ්ඩුව ගෙනයෑමට තමන් සූදානම් නොමැති බවත්, හොරු නොමැති පිරිසුදු ආණ්ඩුවක් ඉතා ඉක්මනින් නිර්මාණය කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.
පසුගිය ආණ්ඩුවෙන් තමන් ඉවත් වූයේ හොරකමට විරුද්ධ වූ බැවින් බවත්, වත්මන් ආණ්ඩුව යටතේ කිසිදු හොරෙකු ආරක්ෂා කිරීමට තමන් සූදානම් නොමැති බවත් ජනාධිපතිවරයා පවසා ඇති අතර, පිරිසුදු ආණ්ඩුවක් අපේක්ෂාවෙන් ජනතාව ඡන්දය ලබාදුන් ජනතාවගේ බලාපොරොත්තු ඉටුකළ යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව පෙරේදා (29දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැති අතර එහිදී ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කර තිබේ.
දූෂණ, වංචා නොමැති ආණ්ඩුවක් වෙනුවෙන් සිදුකළ යුතු සංශෝධන සහ ගතයුතු පියවර ඉතා ඉක්මනින් ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව රහසින් හමුවන අමාත්‍යවරුන් සිටින අතර, ඔවුන් පිළිබඳ සියලු විස්තර තමන්දන්නා බවත්, මහින්ද රාජපක්ෂ මහතා සමග කටයුතු කරන ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් රාත්රියේදී තමා මුණගැසෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.
අලුතින් පක්ෂ නිර්මාණය කර ශ්‍රීලංකා නිදහස් පක්ෂය පරාජය කිරීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි බවත්, සියලු දෙනා එකාවන්ව කටයුතු කිරීම සිදුකළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී තරයේ ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුබසින්නේ නම්, එය ඉහළට ඔසවා තැබීමට මහන්සිය විය යුතු අතර, අලුත් ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ සිහිනය ඇත්නම් අඩුම වශයෙන් ශ්රීලංකනිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 95 එකට එක්විය යුතු යැයිද ජනාධිපතිවරයා පවසා තිබේ.
ජනාධිපති සිරිසේන මහතාට අමතරව අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත,නිමල් සිරිපාලද සිල්වා, දුමින්ද දිසානායක යන මහත්වරුන්ද මෙහිදී අදහස් දක්වා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

