නීතිවිරෝධී අයුරින් කාන්තාවක විදේශගතවීමට උත්සාහ කළ කාන්තාවක කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබේ.
ගුවන්තොටුපොළ දෙසට යමින් සිටි කාන්තාවක් පිළිබඳව සැක සිතා විදේශ සේවා කාර්යාංශ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය සතුව රැකියාවක් සඳහා විදේශගතවීමට අවශ්‍ය ලේඛන කිසිවක් නොමැති බව හෙළි වී ඇත.
වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඇයගේ නම කුසුම් හෙට්ටිආරච්චි බවත්, පවුල් පසුබිම් වාර්තාව ලබාගැනීමට නොහැකි වූ හෙයින් මෙලෙස නීතිවිරෝධී අයුරින් විදේශගතවීමට උත්සාහ කළ බවත් ඇය පවසා තිබේ.
ඇය අසල සිටි අයෙකු පෙන්වා ඔහු තමන් ගුවන්තොටුපලට රැගෙන යාමට පොරොන්දු වූ බව පවසා ඇති අතර, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ. ඔහු ත්‍රිකුණාමලය, කිලිවෙට්ටි, තසාද් නගරයේ පදිංචි මහරුෆ් රිම්සාන් නම් අයෙකු බවත්, ඔහු මරදානේ පිහිටි විදේශ රැකියා නියෝජිතායතනයක උප ඒජන්තවරයෙකු ලෙස සේවය කරන බවත් හෙළි වී ඇති අතර, මෙසේ ව්‍යාජ ලෙස විදේශගතකිරීමට ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාරේ පදිංචි අරුණ කුමාරසිරි පෙරේරා යන අයද සම්බන්ධ බව හෙළි වී තිබේ.
මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව එළඹෙන 29 වැනිදා දක්වා බන්ධනාගාරගතකිරීමට නියෝග කෙරිණි.