දඹුල්ලමූලිකරෝහලආසන්නයේපෞද්ගලිකවෛද්ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් සහ ඒ ආසන්නයේ වෙළෙඳ සැල් හිමියන් රවටමින් මුදල් හා පලතුරු ලබාගන්නා ව්‍යාජ දොස්තරවරයෙකු අද (30දා) අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත් සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිංහල ජාතිකයෙකු ලෙස පෙනීසිටි මුස්ලිම් ජාතිකයෙකු බවද පොලීසිය සඳහන් කර සිටියේය.
මොහු පිළිබඳ සැක සිතූ වෙළෙඳ සලක කාන්තාවක් හා පිරිසක් මෙම සැකකරු ලුහුබැඳ ගොස් අල්ලා පොලීසියට බාරදී ඇත.
සිදුවීම සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
දඹුල්ල කාංචන කුමාර ආරියදාස