හොඳ පොත් ලබාදෙනවනම් වියදම් කිරීමට ආණ්ඩුව සූදානම්
- 18 09 2015
- 12:36
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
කියවීමට හොඳ පොත් ලබාදෙන්නේ නම් ඒ වෙනුවෙන් වියදම් කිරීමට ආණ්ඩුව සූදානම් බවත්, හොඳ පොත් රචනා කරන ගුරුවරුන්ට වැඩි අවස්ථා ලබාදිය යුතු බවත් සමාරම්භක දිනයේ දේශනය පැවැත්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එලෙස හොඳ පොත් ලබාදෙන්නන්ගේ පොත් බෙදාහැරීම අධ්‍යපන අමාත්‍යංශයේ වගකීමක් බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. රටේ අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් වෙන්කිරීමට ආණ්ඩුව සූදානම් බවද, ඊළඟ අවුරුදු පහ තුළදී පාසල් වෙත හොඳම පොත් ලබාදීමට කටයුතු කරන බවද අග්‍රමාත්‍යවරයා පැවසුයේ අද(18) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.
සාහිත්‍ය මාසය වෙනුවෙන් පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී මෙමස 27 දා දක්වා පැවැත්වේ. 17වන වරටත් මෙවර පැවැත්වෙන ප්‍රදර්ශනය පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන අතර ආරම්භක දිනයේදීම ඉතා දිගු පොලිම් දක්නට ලැබුණි.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

