ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් උත්තර් ප්‍රදේශ් හි සීතාපූර් දිස්ත්‍රික්කයේදී අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව එන්.ඩී.ටී.වී. පුවත් සේවය පවසයි.
අනතුරට පත්වන අවස්ථාවේදි 7 දෙනෙකු එහි ගමන් කර ඇති අතර, බරල්ලි හෙලිකොප්ටර් බලඝනයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුද එහි සිටින බව කියැවෙයි.
මෙම අනතුරින් මියගිය පිරිස අතර, පසුගිය වසරේ උත්තර් ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර තත්ත්වයට කොටුවී සිටි සංචාරකයන් බේරාගත් හමුදා සාමාජිකයන්ද සිටින බව කියැවෙයි.
අනතුරට සුළු මොහොතකට පෙර යානයේ නියමුවා ගුවන් පාලක මැදිරිය අමතමින් පවසා ඇත්තේ යානයේ කාර්මික දෝෂයක් හටගෙන ඇති බවයි.