නව රජය පත්ව වසරකට ආසන්න කාලයක් ගතවීමට ආසන්න වුවද මේ වනතුරු රජය හෙද සේවාවට කිසිදු සාධනීය කටයුත්තක් සිදුකර නොමැති බව ස්වාධීන හෙද සංගමය පවසයි.
ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද පොරොන්දු වී ඇති බැවින් ඉදිරි වර්ෂයේ අයවැයෙන් හෙද සේවාව සඳහාද සාධාරණයක් ඉටුකරන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
ස්වාධීන හෙද සංගමයේ මාධ්‍ය හමුවක් අද (17දා) කොළඹදී පැවැත්වුණු අතර, එහිදී මෙම අදහස් ප්‍රකාශ විය.