බලධාරීන් ජාත්‍යන්තර හෙද දිනය මහා ඉහළින් සමරනු ලැබුවත් බලධාරීන් විසින් සිදුකරන කප්පාදු කිරීම නිසා හෙද සේවාව හෙද නිලධාරීන්ට මේ වනවිට එපා වී තිබෙන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
අද (12දා) යෙදී තිබෙනා ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පවුල් කාර්යාංශය තුළ පැවති සමරු උලෙළට සහභාගී වෙමින් මේ බව සඳහන් කළ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ,
හෙද සේවාවාට විධිමත් ලෙස බඳවා නොගැනීම, බඳවා ගන්නා පිරිසට අවශ්‍ය පුහුණුව ලබාදීමට ප්‍රමාණවත් පහසුකම් ලබානොදීම හා සේවයට එක්වන හෙද නිලධාරීන්ට ලබාදී තිබෙනා සහය දිනෙන් දිනම කප්පාදු කිරීමට පාලකයන් ඇතුළු බලධාරීන් කටයුතු කරමින් සිටින බවය.
මේ නිසා අද දවස වනවිට හෙද සේවාව අර්බුදයේ පත්ලටම වැටී තබෙන බවත්, මේ නිසා බලධාරීන්ට පාලකයින්ට රටේ හෙද සේවාව පිළිබඳව ගුණගායනා කළ නොහැකි බවද ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.