හෙද විදුහල් විශ්වවිද්‍යාල මට්ටමට උසස් කරන්න
මෙරට හෙද විදුහල් සියල්ල විශ්වවිද්‍යාල මට්ටමට උසස් කර හෙද අධ්‍යාපනය සඳහා උපාධි පිරිනමන ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බව ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අද (10දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. අයවැය තෙවැනි වර කියවීමේ කාරක සභා විවාදයේදී හත්වැනි දිනයේ විවාදය ආරම්භ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. දිවයින පුරා හෙද විදුහල් පැවතියද මේ සියල්ල තුළම හෙද අධ්‍යාපනයට අවශ්‍ය ගුරුවරුන් නොමැතිව දැඩි අපහසුතාවට ලක්ව ඇති බවත්, හෙදියන් 66,000 ක සේවය අවශ්‍ය මෙරට තුළ සේවයේ නිරතවන්නේ 31000 වැනි හෙද පිරිසක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, රජයේ නිලධාරීන්ට වාර්ෂික විදෙස් පුහුණු ලබාදුන්නද සාමාන්‍ය වෛද්‍යවරුන්ට විදෙස් පුහුණුවීම් ලබාදීමට රජය කටයුතු නොකිරීම තුළ නව තාක්ෂණය මෙරට අහිමි වන බවද නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා පවසා සිටියේය.
සාමාන්‍ය වෛද්‍යවරුන්ටද තෝරාගත් ක්‍රමවේදයක් තුළ විදෙස් පුහුණු ලබාදී වසරින් වසර ඔවුන්ගේ දක්ෂතා උරගා බැලීමේ ක්‍රමවේදයක් ආරම්භ කරන ලෙසත්, වෛද්‍යවරුන්ගේ මානසිකත්වය ඉහළ දැමීමේ ක්‍රමවේදයක් ඇති කරන ලෙසත් හෙතෙම රජයෙන් ඉල්ලා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

