හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවාවලට පමණක් හඳුන්වා දුන් ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රමය වහාම ඉවත් කරන ලෙස ඉල්ලා හෙට (20දා) සිට රෝහල් මට්ටමින් ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
2016 වසරේ වැටුප් වැඩිවීමට සාපේක්ෂව අතිකාල මුදල් ගෙවීම සඳහා ඇතුළු වීම හා පිටවීම සලකුණු කිරීම සඳහා නීතිවිරෝධී ලෙස ඇඟිලි සලකුණු ක්‍රමය හඳුන්වා දී තිබෙන බවද එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
ඇඟිලි සලකුණු ක්‍රමය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ සිට පහළට හඳුන්වා දෙනවා නම්, එය පිළිගැනීමට ලක්කරන බවද අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
එහෙත් මෙම සේවා තුනට පමණක් මෙම ක්‍රමය හඳුන්වා දී තිබෙන බවත්, එම ක්‍රමය හෙට (20දා) සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බැවින් එයට එරෙහිව සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවත්, ඇඟිලි සලකුණ හඳුන්වා දෙන ආකාරයට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බවද ඔහු පවසා සිටියේය.