අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව තුළ පැවතීම නිසා හෙට (30දා) දිනය පුරාද තද සුළං සමග වැසි ඇති විය හැකි බවත්, සුළගේ වේගය බොහෝවිට පැයට කිලෝමීටර් 70 ක් 80 ක් දක්වා ඉහළ යා හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
වැසි සමග අකුණු අනතුරු ඇතිවිය හැකි බවත්, මේ නිසා අකුණු අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යනියුක්ත කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණකුලසූරිය මහත්මිය සඳහන් කළාය.
ගොඩබිමට අමතරව කොළඹ සිට ගාල්ල, හම්බන්තොට, මඩකලපුව වෙරළ තීරයන්ටද සාමාන්‍ය වැසි ඇති විය හැකි බවත්, මීට අමතරව රට අභ්‍යන්තරයට ඇදහැලෙන වැසි තත්ත්වයන් මිලිමීටර් සියය ඉක්මවා යන වැසි විය හැකි බවද ඒ මහත්මිය පවසා සිටියාය.