දිවයිනේ නිරත දිග කොටසට බලපා ඇති වැසි සහිත තත්ත්වයේ අඩුවීමක් හෙට (28දා) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
නමුත් සබරගමුව හා මධ්‍යම පළාත්වලටත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් හෙට දිනයේ ද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එහි සඳහන් වේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 දක්වා වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.