දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට හෙට දිනයේ සිට වැසි සහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. විශේෂයෙන් මධ්‍යම, සබරගමුව හා දකුණු පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනයෙන් සඳහන් කරයි.
තවද දිවයින වටා විටින්විට හමන සුළගේ වේගය පැ.කි.මී. 50ක් පමණ වන බවත්, දිවයිනේ සමහර ප්‍රදේශවලට (බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු පළාත්වල) තවදුරටත් උදේ කාලයේ මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.