ශ්‍රී ලංකා -සිංගපූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව හෙට (17) දිනයේදී රජයේ සියලු රෝහල් තුළ වෛද්‍ය වර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම වැඩවර්ජනය හෙට පෙරවරු 8 සිට ක්‍රියාත්මක කරන බවත් අඛණ්ඩ වර්ජනයක් දක්වා රැගෙන යනවාද නැද්ද යන්න පිළිබදව හෙට දිනයේදීම තීරණය කර ප්‍රකාශ කරන බවත් එම සංගමය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් 22 වැනිදා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බවතද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.