වෘත්තීය සමිති කිහිපයක් එක්ව දිප ව්‍යාප්තව හෙට (15දා) පැවැත්වීමට සූදානම් වැඩ වර්ජනය පිළිබඳ අවසන් තීරණය තව පැයකින් (ප.ව. 3.30ට පමණ) පමණ ප්‍රකාශ කරන බව වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
වර්ජනය සම්බන්ධයෙන් අද පෙරවරුවේදීද අග්‍රාමාත්‍යවරයා හා සාකච්ඡාවක් පැවැති බවත් 2016 වසරේ සිට දායකත්ව විශ්‍රාම වැටපක් හඳුන්වා දීමේ තීරණයට හැර අනෙකුත් ගැටලු සඳහා විසඳුම් ලබාදීමට අග්රමාත්යවරය එකග වූ බවත් වෘත්තීය සමිති එකමුතුව කියයි.