(UPDATE) නියමිත වැටුප් තල ලබානොදී පවතින වැටුප අඩුකර දැමීමට එරෙහිව අද (08දා) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 48ක දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා හා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා අතර පැවැති සාකච්ඡාවකින් පසුව ඔවුන් වර්ජනය අවසන් කර තිබේ.
2017/11/07 15.05 PM
නියමිත වැටුප් තල ලබානොදී පවතින වැටුප අඩුකර දැමීමට එරෙහිව හෙට (08දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 48ක දුම්රිය වැඩවර්ජනයක් සිදුකරන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
පවතින වැටුප් විෂමතා විසඳා නියමිත වැටුප් තලවල පිහිටුවන බවට රජයේ පොරොන්දුවත්, මේවනවිට පවතින මූලික වැටුපත් අඩුකර දමා තිබෙන බවද එම සංගමයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.
මෙම ක්‍රියාමාර්ගයට දුම්රිය රියදුරු පාලකයන්, නියාමකයන්, ස්ථානාධිපතිවරුන් සහභාගීවන බවද පවසා සිටියේය.