හෘදයාබාධයක් ඇති වුවහොත් ක්ෂණිකව ප්‍රතිකාර කර ඉන් රෝගියා ගලවා ගැනීම සඳහා විදේශිය රටක නිෂ්පාදිත ඖෂධයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශ කරයි.
මෙම ඖෂධය හෘදයාබාදය ඇති වී පැය 03ක කාලයක් ඇතුළත ලබාදීමෙන් රෝගියාගේ ජිවිතය බේරාගත හැකි බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දී ඇත. දැනට එම ඖෂධයක් රුපියල් 120,000කට අලෙවි වන අතර, ඊට වඩා අඩු මුදලකට ලංකාවට මෙම ඖෂධය ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.