හෘද පෙණහලු නිමේෂකවරුන්ට ඇති වී තිබෙන ගැටලු සම්බන්ධයන් අද (28දා) දිනයේදී විසඳුම් නොලැබුණහොත්, මෙතෙක් සිදුකරන අත්‍යවශ්‍ය සේවාවලින්ද ඉවත්වන බව රජයේ හෘද පෙණහලු නිමේෂක නිලධාරී සංගමය සඳහන් කරයි. හෘද පෙණහලු නිමේෂකවරු පසුගිය 25වැනිදා සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටිති.
කෙසේ නමුතු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ,හෘද සහ පෙනහළු නිමේෂකයන්ගේ සංගමය විසින් ඉල්ලා සිටි ඉල්ලීම් තුනෙන් දෙකකටම ප්රතිඵලදායී විසඳුම් ලබාදීමට කටයුතු කරන බව දන්වා තිබියදීත්, රාජකාරි ස්වාභාවයේ තිබෙන සංවේදීභාවය උපයෝගී කරගනිමින් සදාචාරාත්මක නොවන අකාරයට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතව සිටින බවත්, එය අතිශය අසාධාරණ ක්‍රියාමාර්ගයක් බවත්ය.