හෘද පෙනහලු නිවේශක නිලධාරීන් ආරම්භ කර තිබෙනා වැඩවර්ජනයට අද (29දා) දිනය තුළදී නිසි විසඳුම් නොලැබුණහොත් හෙට (30දා) සිට වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන බව රජයේ හෘද පෙනහලු නිවේශක නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
26 වනදා සිට ගැටලු කිහිපයක් මුල්කරගනිමින් හෘද පෙනහලු නිවේශක නිලධාරීන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන අතර, මානුෂීය හේතූන් මත ළමා රෝහල වර්ජනයට එක්කර ගැනීමට කටයුතු නොකළ බවත්, හදිස්සි සේවා සිදුකරන බවත් එම සංගමයේ සභාපති මංගල ජයසිංහ මහතා සඳහන් කළේය.
එහෙත් අද (29දා) දිනයේදී තම ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් හෙට (30දා) දිනයේදී කොළඹ ළමා රෝහලත් වැඩවර්ජනයට එක්කර ගන්නා බවද හෙතෙම පවසා සිටියේය. ඇති වී තිබෙනා වැටුප් විෂමතා ඉවත් කරන ලෙසත්, සමාන්තර ශ්‍රේණිවලට හිමිවිය යුතු දීමනා ලබාදෙන ලෙසත්, රුපියල් දස දහසේ දීමනාවෙන් රුපියල් 2500ක් මූලික වැටුපට එකතු කිරීමට රජය ගෙන තිබෙන තීරණය මෙම නිලධාරීන්ටත් ක්‍රියාත්මක කරන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මූල්කර ගනිමින් මෙම වැඩවර්ජනය දියත් කරනු ලබයි.
මෙම ඉල්ලීම පිළිබඳව පෙරේදා (27දා) දිනයේදී සෞඛ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ බවද මංගල ජයසිංහ මහතා සඳහන් කළේය.