ලංකාව තුළ වසරකට දරුවන් 2500 – 3000 පමණ උපතින්ම හෘද දෝෂ සහිතව උපත ලබන බවත් මේ අතරින් 2000 කට පමණ ශල්‍යකර්ම සිදුකළ යුතු බැවින් ඒ සඳහා අධික මුදලක් වැයවන නිසා හෘද කපාට බැංකුවක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව අද (18 දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
රුපියල් මිලියන 30 ක වියදමින් ඉදිකිරීමට යෝජිත එය රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ ඉදිකරන බවද ඒ මහතා පැවසීය.