ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කොට තිබේ.
එහි සභාපති ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුත් ලිපියක් මගින් මේ බව හිරුණිකාට දැනුම් දී තිබේ.
එ් පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමෙන් නිවේදනයක් නිකුත් කරන හිරුණිකා පවසන්නේ තමන් පක්ෂය හැර නොගිය බවත් හැරගියේ දූෂිත පාලනය පමණක් බවත්ය.
"පක්ෂ සාමාජිකයකත්වය අහෝසි කල වගයි. පක්ෂයේ කීර්තිනාමය යහපැවැත්ම හා උන්නතිය තකා ඔබ පළමුව ඔබ වටා සිටින මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාරකයන්, කොමිස් කරුවන්, හොරුන්ගේ පක්ෂ සාමාජිකයකත්වය අහෝසි කිරීමට වග බලා ගන්න. අප හැර ගියේ පක්ෂය නොව ඔබ සහ ඔබගේ දූශිත පාලනයයි." යනුවෙන් ඇය සිය ෆේස්බුක් ගිණුමෙන් පවසා තිබේ.